හැඳින්වීම

මෙම පාඨමාලාව සැලසුම් කර ඇත්තේ Java පරිගණක භාෂාවේ ඇති මූලික සංකල්ප හඳුන්වා දීමටයි. එහිදී ඔබට ඕනෑම පරිගණක භාෂාවක ඇති මූලික සංකල්ප මෙන්ම Java පරිගණක භාෂාවේ ඇති ආවේණික සංකල්ප ගැන ඉගෙන ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත. පරිගණක භාෂාවක් ඉගෙන ගැනීමේදී ඇති වන නීරසභාවය අවම කර ගැනීමට මෙම පාඨමාලාව තුලදී අමතර මෘදුකාංග කිහිපයක් යොදා ගනු ලැබේ. ඒවානම්
  1. Alice
  2. Greenfoot සහ
  3. Eclipse යි.
1.  Alice :- යනු පරිගණක භාෂාවක භාවිතා වන මූලික සංකල්ප ඉගෙන ගැනීමට  හැකි වන ආකාරයට නිර්මාණය කර ඇති මෙවලමකි. ත්‍රිමාණ පරිසරයක් තුල ත්‍රිමාණ වස්තු යොදාගෙන යම්
  1. පාඩමක්
  2. කතාවක්
  3. පරිගණක ක්‍රීඩාවක්
  4. වීඩියෝවක්
  5. ...........
වැනි දෙයක් නිර්මාණ කල හැකිය.

2. Greenfoot :- යනු පරිගණක භාෂාවක භාවිතා කරන මූලික සංකල්ප සහ විධාන ඉගෙන ගැනීමට  හැකි වන ආකාරයට නිර්මාණය කර ඇති මෙවලමකි. ද්විමාන පරිසරයක් තුල ද්විමාන රූප යොදාගෙන යම්
  1. පාඩමක්
  2. කතාවක්
  3. පරිගණක ක්‍රීඩාවක්
  4. වීඩියෝවක්
  5. ...........
 වැනි දෙයක් නිර්මාණ කල හැකිය.

3. Eclipse :- යනු Java පරිගණක භාෂාව භාවිතයෙන් ක්‍රමලේඛ සකස් කිරීම සඳහා යොදාගත හැකි මෙවලමකි. මෙවැනි මෙවලම් භාවිතා කිරීමෙන් ඉතා පහසුවෙන් කුමලේඛ සකස් කිරීමට
 හැකිය.

No comments:

Post a Comment