Saturday, August 17, 2013

පරිගණක දෘඩාංග Computer Hardware


 දෘඩාංග [ Hardware ]

පරිගණක පද්ධතියක අඩංගු වන අතින් අල්ලා බැලිය හැකි දෘඩ කොටස් දෘඩාංග ලෙස හඳුන්වයි. එම උපාංග වල ක්‍රියාකාරිත්වය අනුව ප්‍රධාන කොටස් 5කට බෙදා දැක්විය හැකිය. ඒවානම්  
           
                1. ආදාන උපක්‍රම [ Input Devices ] 
                2. ප්‍රතිදාන උපක්‍රම [ Output Devices ] 
                3. පාලන හා සැකසුම් උපාංග [ Control and Processing Devices ] 
                4. මතක උපාංග [ Storage Devices ] 
                5. සන්නිවේදන උපාංග [ Communication Devices ] 


ආදාන උපක්‍රම [ Input Devices ] :- 
පරිගණකයට දත්ත ලබා දීමට භාවිතා කරන උපාංග ආදාන උපාංග නැතහොත් ආදාන උපක්‍රම ලෙස හඳුන්වනු ලැබේ. පරිගණකයට දත්ත ලබා දීම විවිධ ආකාර වලට සිදු කල හැකිය. උදාහරණ ලෙස අකුරු, රූප සහ ශබ්ද දැක්විය හැකිය. ඒ සඳහා විවිධ වූ උපාංග භාවිත කරනු ලබයි. ඒවායින් කිහිපයක් පිළිබඳව කරණු අධ්‍යයනය කරමු. 


ප්‍රතිදාන උපක්‍රම [ Output Devices ] 

 පරිගණකයෙන් පිටතට දත්ත ලබා දීමට භාවිතා කරනු ලබන උපක්‍රම මෙනමින් හඳුන්වයි.  පරිගණකයෙන් පිටතට දත්ත ලබා දීම විවිධ ආකාර වලට සිදු කල හැකිය. උදාහරණ ලෙස අකුරු, රූප සහ ශබ්ද දැක්විය හැකිය. ඒ සඳහා විවිධ වූ උපාංග භාවිත කරනු ලබයි. ඒවායින් කිහිපයක් පිළිබඳව කරණු අධ්‍යයනය කරමු.

පාලන හා සැකසුම් උපාංග [ Control and Processing Devices ] 
 පරිගණකය තුලදී දත්ත සැකසීම සහ පරිගණකයට සම්බන්ධ කර ඇති උපකරණ පාලනය කිරීම මෙමගින් සිදු කරනු ලබයි. බොහෝ විට පරිගණකයේ ක්ෂුද්‍ර සකසනය ( micro processor ) තුලම අන්තර්ගත කර ඇති අතර විශාල යන්ත්‍ර වල වෙනම පුවරුවක් ලෙස නිපදවා ඇත.

මතක උපාංග [ Storage Devices ] 
පරිගණකයේ භාවිතයට ගන්නා දත්ත සහ තොරතුරු ගබඩා කිරීම සඳහා යොදා ගන්නා උපාංග මෙනමින් හඳුන්වයි.

සන්නිවේදන උපාංග [ Communication Devices ] 
 දත්ත සහ තොරතුරු එක් පරිගණකයක සිට තවත් පරිගණකයක් හෝ උපාංගයක් දක්වා සම්ප්‍රේශනය කිරීම සඳහා යොදා ගන්නා උපාංග මෙනමින් හඳුන්වයි.

 

3 comments:

  1. මම දන්න විදිහට නම් ප්‍රධාන කොටස් 5යි
    ඒ :-
    Input device
    Pressing device
    Storage device
    Memory device
    Output device

    ReplyDelete
  2. නුතන තාක්ශනික මෙවලම් මොනවද

    ReplyDelete
  3. Apita igannuwe kotas 4i kiyala
    Input device
    Output device
    Input output device
    Storage device kiyalane

    ReplyDelete