Alice යනු Oracle මගින් අප වෙත නොමිලයේ ලබා දෙන මෘදුකාංගයකි. මෙමගින් ඉතා පහසුවෙන් ත්‍රිමාණ සජීවීකරණයක් නිර්මාණය කල හැකිය. ඒ සඳහා ත්‍රිමාණ වස්තු රාශියක් එය තුල අන්තර්ගත කර ඇත. මෙම මෘදුකාංගය නිර්මාණය කර ඇත්තේ JAVA නම් වු පරිගණක භාෂාව පහසුවෙන් ඉගෙන ගැනීම සඳහාය.
පරිගණක භාෂාවක් ඉගෙන ගැනීම තරමක් වෙහෙසකර කාර්යයකි. පරිගණක භාෂාවක් භාවිතා කිරීම සඳහා අප ඉගෙන ගත යුතු සංකල්ප රාශියකි. ඒවා අමුර්ත වන නිසාම තේරුම් ගැනීම සහ මතක තබා ගැනීම අමාරු කටයුත්තකි.
Alice භාවිතයෙන් එම සංකල්ප පහසුවෙන් අවබෝධ කර ගැනීමට හැකිවන අතර එමගින් ත්‍රමාණ සජීවීකරණයද ඉගෙන ගැනීමට හැකිවනු ඇත.
1. Alice මෘදුකාංගය බාගත කිරීම.
මේ සඳහා පහත දැක්වෙන අධිසම්බන්ධය මත Click කර එම වෙබ් අඩවියට පිවිසෙන්න.
http://www.alice.org/
ඉන්පසු Downloads මත click කරන්න.
ගලා හැලෙන මෙනුවෙහි Get Alice 3.1 මත click කරන්න.
මෙහිදී ඔබට තෝරා ගැනීම් කිහිපයක් කල හැකිය. ඒවානම්1. On-Line Installer :-
මෙහිදී සිදුවන්නේ සම්පුර්ණ මෘදුකාංගයම බාගත (download) නොවී කුඩා ගොනුවක් පමණක් බාගත වීමයි. එය පරිගණකයේ ස්ථාපනය කිරීමෙන් (install) පසු මෘදුකාංගය මාර්ග ගතව (On-Line) පරිගණකය තුල ස්ථාපනය වනු ඇත. මේ අවස්ථාවේදී පරිගණකය අන්තර්ජාලය හා සම්බන්ධවී තිබීම අත්‍යාවශ්‍ය වේ. ඔබගේ මෙහෙයුම් පද්ධතිය අනුව තෝරා ගන්න.
- Download Alice 3.1 On-line Installer for Windows (9.8MB)
- Download Alice 3.1 On-line Installer for Mac (8.2MB)
- Download Alice 3.1 On-line Installer for Linux (9.4MB)
2. Off-Line Installer :-
මෙහිදී සිදුවන්නේ සම්පුර්ණ මෘදුකාංගයම බාගත (download) වීමයි. එය කෙලින්ම පරිගණකයේ ස්ථාපනය වන අතර එම අවස්ථාවේදී මාර්ග ගතව (On-Line) සිටීම අවශ්‍ය නොවේ. ඔබගේ මෙහෙයුම් පද්ධතිය අනුව තෝරා ගන්න.3. Universal Installer:-
මෙයද ඉහත අවස්ථාවේදී මෙන්ම සම්පුර්ණ මෘදුකාංගයම බාගත (download) වේ. මෘදුකාංගය ස්ථාපනය වන අවස්ථාවේදී මාර්ග ගතව (On-Line) සිටීම අවශ්‍ය නොවේ. මෙය සකස් කර ඇත්තේ ඕනෑම මෙහෙයුම් පද්ධතියක ක්‍රියාත්මක වන ආකාරයෙනි.2. Java Development Kit බාගත කිරීම.
ජාවා jdk ඔබගේ පරිගණකයේ ස්ථාපනය කර නොමැතිනම් Alice මෘදුකාංගය නිසියාකාරව ක්‍රියාත්මක නොවේ. එයට හේතුවනම් Alice මෘදුකාංගය සැලසුම් කර ඇත්තේ Java පරිගණක භාෂාව භාවිතා කර ක්‍රියාත්මක වීමට නිසාය. මේ නිසා ඔබ පළමුව පරිගණකයේ ස්ථාපනය කල යුත්තේ jdk ය. jdk බාගත කිරීම සඳහා පහත සම්බන්ධතාව භාවිතා කරන්න.
http://www.oracle.com/technetwork/java/javase/downloads/index.html
රූපයේ රතු පාටින් දක්වා ඇති බොත්තම මත click කරන්න.
ඔබගේ මෙහෙයුම් පද්ධතියට ගැලපෙන සම්බන්ධතාවය තෝරා ගන්න.
ඉන්පසු Save File බොත්තම මත click කල විට download වීම ආරම්භ වනු ඇත.3. Java Development Kit ස්ථාපනය කිරීම.
windows Explorer භාවිතා කර jdk download වූ ස්ථානය සොයා ගන්න. ඉන්පසු එම ගොනුව මත double click කර ස්ථාපනය කර ගන්න.
4. Alice මෘදුකාංගය ස්ථාපනය කිරීම.
ඉහත ආකාරයටම Alice මෘදුකාංගයද ඔබගේ පරිගණකයේ ස්ථාපනය කර ගන්න.5. Alice මෘදුකාංගය ක්‍රියාත්මක කිරීම.
දැන් ඔබගේ පරිගණකයේ Desktop හි ඇති පහත දැක්වෙන අයිකනය (Icon) මත double click කරන්න.
No comments:
Post a Comment