AutoCAD කියල කියන්නේ පරිගණකය ආධාරයෙන් සැලසුම්කරණය සඳහා නිර්මාණය කර ඇති මෘදුකාංගයකි. මීට පෙර සැලසුම් ශිල්පීන් කඩදාසිය මත විහිත චතුරස්‍රය, කවකටුව, T රූල වැනි මූලික උපාංග යොදාගෙන සැලසුම ඇඳීමයි. එය ඉතා පරෙස්සමෙන් කල යුතු විය. යම් අත් වැරදීමකින් මෙතෙක් කල සියල්ල ඉවත් කිරීමට සිදු විය හැකිය. එහි නිරවද්‍යතාවය පිළිබඳවද යම් ගැටළු පවතී. නමුත් පරිගණක ආශ්‍රිතව කරන සැලසුම්කරණය ඉතා පහසු මෙන්ම ඉතා නිවැරදිද වේ. මෙහිදී ඇති වැදගත්ම දේ වන්නේ සැලසුම් ශිල්පියා අතින් කල යුතු අතිශය සංකීර්ණ ගණිතකර්ම, ගණනයකිරීම් සියල්ල පරිගණකය විසින් සිදු කර දීමයි. එමෙන්ම අඳින ලද සැලසුමක් ඉතා පහසුවෙන් වෙනස් කිරීමද සරළ කටයුත්තකි. අවසානයේදී සැලසුමේ පිටපත් විවිධ ප්‍රමාණ වලින්ලබා ගැනීමේ හැකියාවද ඇත.
විවිධ ආයතන විසින් CAD මෘදුකාංග රාශියක් වෙළඳපොලට ඉදිරිපත් කලත් Autodesk ආයතනය මගින් ඉදිරිපත් කරන ලද AutoCAD මෘදුකාංගය ඉතා ජනප්‍රිය විය. ඒ නිසාම අපි Computer Aided Drafting සඳහා Autodesk - AutoCAD යොදා ගනිමු.
1. මෘදුකාංගය ලබා ගැනීම
මේ සඳහා පහත දැක්වෙන වෙබ් අඩවියට පිවිසෙන්න.
www.autodesk.com
ඉන්පසු Browse Products යටතේ ඇති AutoCad Products මත Click කරන්න.
No comments:
Post a Comment